රාජ්‍ය අමාත්‍ය නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි

shooting Ajith Rohana sadhasivam batticlo sinnivurni
By Sewvandhi Jun 22, 2021 01:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන්ගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් ඊයේ (21) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මිය ගියේ වැලි ටිපර් රථ රියදුරෙකු ලෙස කටයුතු කළ 35 හැවිරිදි වියේ පසුවූ අයෙක්. අදාල පොලිස් කොස්තාපල්වරයා සහ වැලි ටිපර් රථ රියදුරා අතර මීට දින කිහිපයකට පෙර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පැවැති පුද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුවී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අද (22) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය ද අද (22) දින සිදුකිරීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now