අද සිට නොවැම්බර් 30 දක්වා ගත් තීරණය මෙන්න..මත්පැන් අලෙවියත් තහනම් කෙරේ.

Covid Sri Lanka Wedding Liquor
By Aruna Nov 16, 2021 08:52 AM GMT
Aruna

Aruna

Report

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව විවාහ උත්සව පැවැත්වෙන දිනයේ අදාළ පාර්ශවලට මත්පැන් අලෙවි කරන මත්පැන් හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා විවාහ උත්සවවල මත්පැන් ලබාදීම තහනම් කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ විවාහ උත්සව පැවැත්වෙන ස්ථාන සඳහා අදාළ මත්පැන් තහනම පිළිබඳව ඇතුළත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලිසියට හෝ අනෙකුත් බලධාරීන්ට බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha