ජලාශයක වේල්ල අසල මාර්ගය ගිලා බසී (PHOTOS)
heavy rain
nuwara eliya
kothmale dam
ranjith alahakoon
road sink
By Sewvandhi
කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් (26) දින ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම ගිලා බැසිම ජලාශ වේල්ලට මිටර් කිහිපයක් නුදුරින් කොත්මලේ හරංගල හරහා නාවලපිටියට පිවිසෙන මාර්ගයේ ස්භාවික ඇලක් හරහා ඉදි කර තිබෙන බොක්කුවක් ගිලා බැස ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
(26) දින අලුයම 5 ට පමණ ගිලා බැස ඇති බවත්, ගිලා බැසිම හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ලට කිසිදු හානියක් හෝ අවධානමක් නොමැති බවත්, ගිලා බැස ඇති ස්ථානය පිලිසකර කිරිමට කටයුතු කරන බවත්, එතෙක් ජලාශ වේල්ල හරහා රථ වාහන ධාවනයට අවසර ලබා නොදෙන බවයි කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




