ජනපති තිරසාර සංවර්ධන සමුළුව අමතයි.
Ranil Wickremesinghe
Sri Lanka
United States of America
By Hashini
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ සංවර්ධනය වමින් පවතින රටවලට ඔවුන්ගේ ජාතික වශයෙන් වැදගත් ඉලක්ක සපුරාලීම සඳහා 2030 වන විට ඩොලර් ට්‍රිලියන 5.9 දක්වා මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වන බව G20 සමුළුව විසින් අවධාරණය කර ඇති බවයි.
තිරසාර සංවර්ධන ඉලක්ක 2023 සමුළුවේදී සිය දේශනය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ 2050 දී ශුද්ධ ශුන්‍ය විමෝචනය වෙත ළඟා වීම සඳහා පුනර්ජනනීය බලශක්ති තාක්ෂනයන් භාවිතයට ගැනීම වෙනුවෙන් වසරකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වන බවයි.
