තරුණියකට හදි කළ පොලිස් සැරයන්.
Sri Lanka Police
Sri Lanka
Crime
By Wayomi
වයස අවුරුදු 20ක් වන තරුණියකට ලිංගික අතවරයක් කළ බවට පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ගත් සැරයන්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව තාවකාලිකව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට 2021 වසරේ සිට අනුයුක්ත කර සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම සැකකාර පොලිස් සැරයන් මෙම තරුණියගේ ඥාතියෙකු වන බව ද රස්නායකපුර පොලිසිය පවසනවා.
තරුණිය පමණක් නිවසේ සිටින විට නිවසට ඇතුළු වූ මෙම පොලිස් සැරයන්වරයා ඇයට ලිංගික අතවරයක් සිදු කර තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තරුණිය කළ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා මෙම පොලිස් සැරයන්වරයා රස්නායකපුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සහ විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.