බිහිසුණු ඝාතනයක අපරාධකරු කොටු වෙයි...

Report

පහුගිය දින නිවෙසක සිටි පුද්ගලයකු රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2024.01.10 දින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේදී නිවෙසක සිටි පුද්ගලයකු රැගෙන ගොස් මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා වයස අවුරුදු 27ක් අයෙක් බව සඳහන්.

එසේම ඔහු හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට ද වාර්තා වේ.

ඒ අනුව අද (2) දින අඳාළ සැකකරු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මඟින් කටුනායක ගුවන්තොටුපොළ්දී මෙම අත්අඩංගුවට ගැනීමට සිදු කළ බව සඳහන්.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

ඒ ආගමන විගමන පාලකවරයාට ලබාදී ඇති අධිකරණය නියෝගයකට අනුවයි.

සැකකරු ඩුබායි සිට අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථවේදී මෙසේ අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබෙනවා.

ඔහුව මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කිරීමට නියමිතයි.  

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා