පුරපති සටන තීරණාත්මක වෙයි
කොළඹ මහ නගර සභා පුරපති සටනට තවමත් උණුසුම්ව පවතී.
ඒ අනුව ඒ සඳහා විපක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂය සූදානම් වෙන බව වාර්තා වේ.
මේ වෙනුවෙන් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවූෆ් හකීම් මහතා සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම සාකච්ඡාව අද (12) දින කොළඹ දී සිදු වන බවද වාර්තා වේ.
කෙසේ වුවද දැනටමත් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයා වශයෙන් විපක්ෂයෙන් රිසා සාරුක් යෝජනා කර තිබෙනවා.