සැලෝන් ගිහින් ගැලවිලාම ගිය කොන්ඩෙට මොකද වුණේ?. කාන්තාවන් සලිත වුණ සිද්ධිය ගැන.. ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

Latest Headlines Decision Making
By krishani Sep 18, 2024 05:13 PM GMT
krishani

krishani

Report

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයක දී කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු පසුගියදා වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාව රුපියල් 200,000ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු අද (18) නියෝග කළේ ය.

දිවයින පුරා, දින දෙකක් සුරාසැල් වැසෙයි.. නමුත් මෙන්න මේ අයට බලපාන්නෙ නැහැ.. අලුත්ම නිවේදනය මෙන්න..(PHOTO)

දිවයින පුරා, දින දෙකක් සුරාසැල් වැසෙයි.. නමුත් මෙන්න මේ අයට බලපාන්නෙ නැහැ.. අලුත්ම නිවේදනය මෙන්න..(PHOTO)


මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාවක් ලෙස කටයුතු කළ සඳුනි හංසිකා පියුමාලි නමැත්තියක් ය.

අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න කියා සිටියේ මෙම කාන්තාවගේ හිස කෙස් යථා තත්ත්වයට පත් වේවිදයි ස්ථිර ලෙස කිව නොහැකි බව වෛද්‍යවරුන් පවසන බවයි.

ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..

ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..


එසේම, සිදුව ඇති අලාභය නැවත ප්‍රතිපූර්ණය කර ගත නොහැකි බවත් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය තවමත් සැඟවී සිටීම නිසා අගතියට පත් කාන්තාව වෙනුවෙන් සානුකම්පිතව මුදලක් ඉල්ලා සිටින බවත් අධිකරණයට ඒ මහතා සඳහන් කළේ ය.

සැකකාර තරුණිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක කියා සිටියේ විත්තිකාරිය මෙම රූපලාවන්‍ය ආයතනයේ සේවිකාවක් නොවන බවයි.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


එමෙන්ම, ඇය මීගමුව ප්‍රදේශයේ ආයතනයක සිදුකළ හැදෑරීමකින් පසුව මෙම රූපලාවණ්‍යාගාරයේ පුහුණුවීම් ලබමින් සිටි බව අධිකරණයට දන්වා ඇත.