පාසල් 185 ක් අවදානම් තත්ත්වෙක
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය විසින් ජාතික මදුරු මර්දන සතියේ පස්වන දිනය ලෙස අද (04) දිනයේදී පරීශ්‍ර 13,642ක් පරීක්ෂාවට ලක් කළ බව ප්‍රකාශ කළා.
ඒ අනුව අද දිනයේදී සිදුකළ පරීක්ෂාවේදී මදුරුවන් බෝ විය හැකි බවට හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 3,886ක් බවත් මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ සංඛ්‍යාව 382ක් බවත් විශේෂඥ වෛද්‍යවරිය දක්වා ඇත.
මේ අතර රතු නිවේදන 396ක් නිකුත් කිරීමට මෙන්ම 100කට නඩු පැවරීමටද පියවර ගත් බවත් ඇය පවසයි.
තවද ඉකුත් ජුනි මස 30 වැනි දින පටන් මේ වන තෙක් ජාතික ඩෙංගු මර්දන සතිය නිමිත්තෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී පරීශ්‍ර 1,11031ක් පරීක්ෂාවට ලක් කර ඇති බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරිය ඉන් මදුරු කීටයින් බෝවන සේ තබා ගත් ස්ථාන 26,625ක් හඳුනා ගෙන ඇති බව ද දන්වා තිබෙනවා.
එසේම මේ දක්වා මදුරු කීටයින් සහිත ස්ථාන 3,357ක් හමුවූ අතර ඉන් 2,999 ට රතු නිවේදන ද තවත් 673කට නඩු පැවරීම් ද සිදු කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ,
"අපි මේ දවස් 5ට පාසල් 298ක් බැලුවා ඉන් 185කම මදුරුවන් බෝ වන ස්ථාන හමුවෙලා තියෙනවා. ඒ වගේම මදුරු කීටයින් හමුවෙලා තියෙනවා පාසල් 35ක. ඊට අමතරව රජයේ ආයතන ගත්තොත් රජයේ ආයතන 732ක් පරීක්ෂා කළා ඉන් 231ක මදුරුවන් බෝවන සේ තබාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මදුරු කීටයෝ හමු වෙලා තියෙනවා ආයතන 41ක. ඉතිං අපිට මේ දත්තවලින් පෙනී යනවා තවදුරටත් ඩෙංගු සහ චිකුන්ගන්යා රෝගය පැතිර යාමේ අවදානම තියෙනවා කියලා."
