උසාවියට පැමිණි ඇඳුම නුසුදුසුයි කී කොස්තාපල්වරයාට පහර දුන් අඹු සැමියන්...

Report

 කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කටයුතුවල නියුතුව සිටි කොස්තාපල්වරයාට පහර දීම සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අද අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසා සිටිනවා.

හජ් උත්සවය ලබන 17 වැනිදා...

හජ් උත්සවය ලබන 17 වැනිදා...


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි අඹුසැම් යුවලකි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවතී නඩුවකට පෙනී සිටීමට සිය බිරිඳ සමග පැමිණ තිබේ.

නමුත්, ඔහු ඊට උචිත නොවූ ඇඳුමකින් සැරසී ඇති බැවින් ඒ බව ප්‍රධාන දොරටුවේ සිටි කොස්තාපල්වරයා දැනුම් දීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ කතාබහකින් අනතුරුව පහරදීම සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය...

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය...

පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සැකකාර යුවල ඇප මත මුදා හැර ඇති බවත් සදහන් වේ.

කෙසේ වෙතත්, කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .