මේ වගේ ගෙයක නම් ඉන්නෙ ඔබත් පරිස්සම්වෙන්න.. ගැහැණුන්ට අතවර කරමින් ගෙයින් ගෙට යන කාමාතුරයින් ඉලක්ක කරන නිවාස ගැන හෙළිදරව්වක්..

Sexual harassment Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Oct 18, 2024 08:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිසිය විසින්,  ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් කාන්තාවන්ට ලිංගික අතවර කර නිවාසවල භාණ්ඩ සොරාගන්නා සොරුන් දෙදෙනා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.

සැකකරුවන් විසින් වයෝවෘද්ධ කාන්තාවකට අතවර කර ඝාතනය කිරීමක් ද සිදුකර ඇති බවයි, පොලිසිය පැවසුවේ.

කාන්තාවන්ට අතවර කර නිවාසවල භාණ්ඩ කොල්ලකන සොර කල්ලියක් දොම්පේ, වැලිවේරිය හා මල්වතු හිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරන බවටද අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පුළුල් විමර්ශනයක් සිදුකළ මල්වතුහිරිපිටිය පොලිසියේ ස්ථානාධිපතිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දින 6ක නිදිවර්ජිත මෙහෙයුමකින් අනතුරුව පසුගිය 16 වනදා අලුයම ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාළු නිවසක් කොල්ලකා පලායමින් සිටියදියි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා,

"මේ සඳහා ඔවුන් තෝරාගන්නා නිවෙස් තමයි එක පිරිමි පුද්ගලයෙක් පමණක් ඉන්න නිවෙස්. ඒ වගේම තමයි ලොකු ඉඩමක තනි ගෙයක් විදිහට තියෙන නිවෙස් තමයි ඔවුන් තෝරාගන්නේ.මෙහිදී විශේෂත්වය තමයි ඔවුන් නිවැසියන්ගේ ඇඳුම් ඉවත් කිරීමට නැතහොත් ඉරා දැමීමට කටයුතු කරනවා. ඉන් පසුව මේ නිවැසියන් ඉදිරිපිටම මොවුන් කාන්තාවන් දූෂණය කිරීම සිදුකරනවා. වැලිවේරිය සහ කිරිඳිවැල කියන පොලිස් වසම්වල විතරක් නෙමෙයි මීට අමතරව කිරිඇල්ල සහ ඇහැලියගොඩ පොලිස්වසම්වලත් ඔවුන් මේ ආකාරයටම, මේ රටාවටම සිදුවෙච්ච අපරාධයන් සම්බන්ධව වාර්තා වෙලා තියනවා."