මරණ දඩුවම සම්බන්ධයෙන් අලුත්ම ආරංචියක්..කරන්න හදන වැඩේ මෙන්න.

Police Sri Lanka High court The death penalty
By Aruna Sep 28, 2021 03:27 AM GMT
Aruna

Aruna

Report

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන්ගේ දඬුවම ලිහිල් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතරයි.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදි දඬුවම් ලිහිල් කිරීම සඳහා රැඳවියන් තෝරා ගන්නා ආකාරය ඇතුළු ඊට අදාල ක්‍රමවේදය සකස් කිරීම සම්බන්ධත්‍යන් අවධානය යොමු කෙරුණු ඇති.

ඒ අනුව මරණ දඬුවම නියම වු රැඳවියන්ගෙන් සුදුසුකම් ලබන පිරිසට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට ද අවධානය යොමු වී තිබෙනවා.

ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව සිටින රැඳවියන්ගෙන් සුදුසුකම් ලබන පිරිසට ද දඬුවම් ලිහිල් කිරීමට එම සාකච්ඡාවේදි අවධානය යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ.

සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

මේ වනවිට රැඳවියන් 19,500 ක් පමණ බන්ධනාගාර වල රඳවා සිටිනවා.

ඉන් 12, 500 ක් පමණ පසු වන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

අනෙක් රැඳවියන් 7,000 සිරදඬුවම් විදින සිරකරුවන් වනවා.

මරණ දඬුවම නියම වී සිටින 650 දෙනෙකු සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 500 දෙනෙකු ද එම පිරිසට අයත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha