උගුලකින් බේරෙන්න වහාම මහබැංකුව හදිසි තීරණයක් ගනී.. එම තීරණය මෙන්න.
කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර තිබේ.
එම මුදල් රාජ්‍ය බැංකු දෙකක් හරහා ආනයනකරුවන්ට ලබාදීමට නියමිතය.
මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුදාහැරීම සඳහා තවත් මුදල් අවශ්‍ය නම් එය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැකුව සුදානම් බවය.
කෙසේ වෙතත් ආහාර ආනයනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ මහ බැංකුව තවදුරටත් ඩොලර් ලබාදුනහොත් ඉතිරි බහලුම් තොගය ද නිදහස් කරගැනීමට හැකියාව ලැබෙන බවයි.
මේ අතර, රජය විසින් සහල් ආනයනය කිරීමට ගත් තීරණයත් සමග කඩිනමින් එම සහල් තොග මෙරටට ගෙන්වා ගැනීම සදහා තානාපති කාර්යාල හරහා මේ වන විට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
