ධාවනය වෙමින් තිබු ලංගම බසයේ රියැදුරු අසුනේදි ජීවිතක්ෂයට පත්වෙයි.

By Wayomi May 16, 2024 05:35 AM GMT
Report

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියැදුරු අසුන මත ඊයේ (15) ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ,නාවලපිටිය ලංගම ඩිපෝවේ 39 හැවිරිදි රියැදුරෙක්.

විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම ගැන අද ලැබුණු තීන්දුව මෙන්න.

විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම ගැන අද ලැබුණු තීන්දුව මෙන්න.


ඊයේ (15) පස්වරුවේ නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා සේවයේ යොදවා තිබූ එම බස් රථය කාර්මික දෝෂයකට ලක්විම නිසා මගීන්ව වෙනත් බස් රථයකට මාරුකර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර, බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යළි නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට හදිසි රෝගි තත්ත්වයක් ඇතිවී තිබුනා.

අනතුරුව කොන්දොස්තරවරයා ඒ පිළිබඳ ළිඳුල පොලීසිය වෙත දැනුම්දිමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් රියදුරු අසුනෙන් රියැදුරාව ඉවත් කර ඔහුව ළිඳුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර සිටියේ.

.......................................

May you Like