තමිල් නාඩු පිපිරීම සම්බන්දයෙන් එළියට ආ නවතම තොරතුර.. (VIDEO)

India
By Sithumi Oct 24, 2022 11:21 AM GMT
Sithumi

Sithumi

Report

පසුගිය ඉරිදා තමිල්නාඩු කොයිම්බතූර් ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ පිපිරීමකින් මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් අලුත් කරුණක් හෙළිවී තිබේ. ඉන්දීය බලධාරීන් පවසා ඇත්තේ 25 හැවිරිදි එම පුද්ගලයාගෙන් 2019 වසරේ ශ්‍රී ලංකාවේදී පාස්කු ඉරුදින සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්නකර තිබූ බවය. 

 එරට ජාතික පරීක්ෂණ ඒජන්සිය පවසන්නේ සහරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සබඳතා තිබුණේ දැයි සොයා බැලීම සඳහා එම තරුණයාගෙන් ප්‍රශ්න කර තිබූ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ අතර ආරක්ෂක අංශ විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුගේ නිවසේ තිබී තවත් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

 මෙලෙස සොයාගෙන ඇති ද්‍රව්‍ය අතර පොටෑසියම් නයිට්‍රේට්, ඇලුමිනියම් පවුඩර්, සල්ෆර්, අඟුරු, තමිල්නාඩු හි තවුහීද් ජමාත් සංවිධානය විසින් සිදුකර ඇති දේශන සඳහා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාද එක්වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now