තලපති විජේගේ අවසානය - ජන ගගක් පෝලිමේ

Report

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට තවමත් නිල පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් වී නොමැති පසුබිමක, තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබාගෙන ඇත.

එමෙන්ම තිරගත වීමට සතියක් ඉතිරිව තිබියදී, දිගු පෝලිම් හා අන්තර්ජාලය ඔස්සේ පළමු දින ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් පමණක් චිත්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් මිලියන 150ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

මෙම ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් විදේශීය ආදායම කැපී පෙනෙන අතර, උතුරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් පමණක් රුපියල් මිලියන 110ත් 120ත් අතර මුදලක් වාර්තා වී ඇත.

ඉන්දියාව තුළ දැනට කර්නාටක සහ කේරළ ප්‍රාන්තවල පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කර ඇති අතර, එයින් මිලියන 30ක ආදායමක් ලැබී ඇති බවත් තමිල්නාඩුව තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වූ පසු මෙම අගය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත් වාර්තා වේ.

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

දේශපාලනයට පිවිසෙන සුපිරි නළු තලපති විජේගේ අවසන් සිනමාපටය මෙය වීම මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත. මෙම සිනමාපටය තමාගේ අවසන් සිනමාව බවත් නැවත ඔහුව චිත්‍රපටයකින් දැකීමට නොහැකි බවත් විජේ පවසා ඇත.