රෝහිත් ෂර්මාගේ විශ්‍රාමයත් සමඟ ටෙස්ට් නායකත්වය ලබන්නේ කාටද?

By R.rishma May 08, 2025 12:45 AM GMT
Report

රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති අතර, ඒ සමඟ ඉන්දීය ටෙස්ට් නායකත්වය හිස්ව තිබේ.

මෙම තනතුරට ශුබ්මන් ගිල් ප්‍රමුඛ ස්ථානයේ සිටින බව වාර්තා වේ. ඔහු ටෙස්ට් නායකයා ලෙස පත්වුවහොත්, ඔහුගේ පළමු වගකීම වන්නේ එංගලන්තයේදී පැවැත්වෙන තරග පහක ටෙස්ට් තරගාවලියයි.

මාලිමාවට -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

මාලිමාවට -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

ගිල් වයස 21දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලබාගත් අතර, මේ වන විට ඉන්දියාව වෙනුවෙන් ඉනිම් 59කට ක්‍රීඩා කර ඇත.

එහිදී ශතක 5ක්, අර්ධ ශතක 7ක් සමඟ ලකුණු 1893ක් රැස්කරමින් 35.05ක පිතිකරණ සාමාන්‍යයක් පවත්වා ගෙන යයි.

කෙසේ නමුත්, ගිල් පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට පෙර තේරීම් කමිටුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සමඟ සාකච්ඡා කරනු ඇතැයි සඳහන් වේ.

මාලිමාව බිඳවැටේ - මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක්, මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

මාලිමාව බිඳවැටේ - මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක්, මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..