පත්තෑයකු දෂ්ඨ කළ බිළිදා මියයයි..සංවේදී පුවතක්.
Sri Lanka
Gossips
Ten bites
By Aruna
පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් නිවසක බිළිදකු නිදියහනේදීම මරණයට පත්ව ඇති බව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්‍ර නැමති බිළිදෙකි.
මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් සමග එකම ඇඳක නිදන් සිට ඇති පියා වෙනම ස්ථානයක නිදාසිට ඇත.
අලුයම අවදිවී බැලීමේදී සිය දරුවාගේ නිහඩතාවය හේතුවෙන් පරීක්ෂා කළ පසු ශරීරය සීතලව තිබූ බවත් අනතුරුව දරුවා රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අනතුරව දරුවාගේ පියා නිවෙසට පැමිණ දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට පවසා ඇති අතර කිසියම් සතකු සූරා ඇති අයුරු දරුවාගේ පිට පුරා දක්නට ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පවසා තිබේ.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |