රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව ගැන සුවිශේෂී තීරණයක්.!
ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බවයි.
ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී මේ බව අනාවරණය කෙරුණි.
ඒ එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව රැස්වූ අවස්ථාවේදීය.
සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ, 2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්කරමින් මෙම නාලිකා ද්විත්වය අලාභ ලබා ඇති ආකාරයයි.
ඒ අනුව සභාපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බවය.
තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.
කාරක සභාව තුළ දී ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍ය මගින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් ලබා නොදෙන බව අදහස් පළවිය.
සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ, සංවර්ධනයට ලක්විය යුතු ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදී විවිධ දෑ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය මගින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු මහජනතාවට ලැබී ඇති පහසුකම් පිළිබඳවද රාජ්‍ය මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළයුතු බවය.
මෙහිදී සමාජ සංස්කෘතියට, පුද්ගල සෞඛ්‍යට හානිවන අයුරින් මාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමර්ග පිළිබඳ වාර්තාවක් සකසා කාරක සභවට ලබාදෙන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ලදී.
