ගුරු - විදුහල්පති උද්ඝෝෂකයින් ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්න යයි!!!
Colombo
Education
Teachers and principal picketing
President secretory office
By Aruna
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උදෑසන උද්ඝෝෂණයක් ආරම්භ කෙරිණි.
උද්ඝෝෂකයින් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීම හේතුවෙන් කොටුවේ මාර්ග කිහිපයක් අවහිර වී ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා.
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස උද්ඝෝෂණයේ නියැලේ.
මේ වන විට ගුරු සංගම් නියෝජිතයින් කිහිපදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරී සමඟ සාකච්ඡාවකට ගොස් ඇතැයි බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
