අරගලයට නොගිය ගුරුවරුන්ට රතු එළියක්(VIDEO)!!!

Sri Lanka Education Online strike Teachers and principles picketing Mahindajayasinghe
By Aruna Sep 23, 2021 07:58 AM GMT
Aruna

Aruna

Report

වැටුප් විෂමතා මුල් කරගනිමින් ආරම්භ වු ගුරු විදුහල්පති වෘත්තීය අරගලය අරඹා අදට දින 74 ක්.

සිය ඉල්ලීම් දිනා ගනිමින් වෘත්තීය අරගලය ඉක්මණින් අවසන් කිරීමට නම් රටේ සියලු ගුරුවරුන් මෙම ක්‍රියාමාර්ගයට සහය පළකල යුතු බව ලංකා ගුරුසේවා සංගමය අවධාරණය කරනවා.

ගුරු විදුහල්පති ක්ෂේත්‍රයේ සියලුදෙනාටම ඉල්ලීම් දිනා ගැනීමේ අවශ්‍යතාව පැවතියද, මෙම වෘත්තීය අරගලය සදහා ඇතැම් ගුරුවරුන්ගේ සක්‍රීය දායතක්වය ඉතා අඩු මට්ටමක පවතින බවයි ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් පැවසුවේ.

අදාල වීඩියෝව මෙතනින් නරඹන්න.

මේ අතර ගුරු විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වන මොහොතක එය නොතකා සිසුන් සඳහා මාර්ගගත ක්‍රමවේදය මත ඔස්සේ ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන්ට තර්ජන කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය කියා සිටී.

ගුරු වෘත්තීය සංගම්වල නායකයන් විසින් අධ්‍යාපන කටයුතු වල ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන්ටත් තර්ජනය කරන ලද හඬ පට ද ඔවුන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

එක්තරා ගුරු සංගමයක නායකත්වය දරන භික්ෂූන් වහන්සේ නමක් අසභ්‍ය වචනයෙන් බැණ වදින හඬ පටයක් ද එම සංවිධාන විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් විසින් මෙම හෙලිදරවු කලහ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha