පෙමට පිටුපෑවට ගුරුවරියගේ ජංගම දුරකථනය සොරා ගෙන පලා යයි
ප්‍රේම සම්බන්ධය නතර කිරීමෙන් උරණ වූ පුද්ගලයෙකු, ගුරුවරියකගේ රුපියල් 64,000ක් වටිනා ජංගම දුරකථනය උදුරාගෙන පලාගිය සිද්ධියක් සම්බන්ධයෙන් මතුගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳව කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ගුරුවරියක විසින් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
පැමිණිල්ල අනුව, ඇය ඉකුත් 03 වැනිදා කන්දෙ විහාරයට යෑම සඳහා බස් රථයකින් මතුගම නගරයට පැමිණ ඇති අතර, එහිදී ඉන්ධන පිරවුම්හල අසලදී හමුවූ සැකකරු ඇයට බැණ වැදී, ඇය අත තිබූ ජංගම දුරකථනය උදුරාගෙන පලාගොස් ඇත.
සිද්ධියෙන් පැමිණිලිකාරියට සීරිම් තුවාල ඇතිවීම හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු පැමිණි යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.
[