ප්රසිද්ධ පාසලක සිසුවෙකුට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට ගුරුවරයෙක් සහ විදුහල්පති අත්අඩංගුවට
පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනය කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මොරටුව ප්රදේශයේ ප්රසිද්ධ පාසලක ගුරුවරයෙකු මොරටුව පොලිස් නිලධාරීන් විසින් ඊයේ (17) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අඳාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ ගුරුවරයා විසින් 14 හැවිරිදි සිසුවෙකු මෙසේ අපයෝජනයට ලක් කර ඇති බවයි.
එමෙන්ම එම සිදුවීම වසන් කිරීම පිළිබඳව සිසුවාගේ මව්පියන් කරන ලද පැමිණිල්ලකට අනුව පාසලේ විදුහල්පතිවරයා ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත් ගුරුවරයා 59 හැවිරිදි බදුරලිය ප්රදේශයේ අයෙක් වේ.
ඔහු පාසල් රථ වාහන නියාමක භාරව ද කටයුතු කර ඇති බව සඳහන්.
මේ අතර සැකකාර ගුරුවරයා සහ විදුහල්පතිවරයා අද (18) දින මොරටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.