සියලුම පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න යන කොට්ටහච්චි

Report

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ළමා හා කාන්තා අනු කමිටුවේ සභාපතිනි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය, දිස්ත්‍රික්කයේ සියලුම පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් එළඹෙන වසරේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙම මුලපිරීම සාකච්ඡා කිරීම සඳහා වූ උප කමිටුව ඉකුත් නොවැම්බර් 14 වන දින කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාමරයේ දී රැස් වුණා.

එම රැස්වීමේදී ප්‍රාථමික සහ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලිංගික අධ්‍යාපන වැඩසටහන් ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමට නව පනතක්

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමට නව පනතක්

එමෙන්ම ළමා ගැබ්ගැනීම් පිළිබඳ දත්ත ඉදිරිපත් කර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර මෙම රැස්වීමට කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සමන්ත පී. ලියනගේ සහ පොලිසිය ඇතුළු විවිධ කාන්තා හා ළමා කටයුතු ආයතනවල නියෝජිතයින් සහභාගී වී ඇති බව සඳහන්.

මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා

මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා

පොලිසියට සුබ පණිවුඩයක්

පොලිසියට සුබ පණිවුඩයක්