කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි

Sri Lanka Child Abuse School Children Teachers
By Zara Apr 12, 2025 03:15 PM GMT
Zara

Zara

Report

ගුරුවරයෙක් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ අධ්‍යාපන කලාපයේ බාලක පාසලක පන්තිභාර ගුරුවරයකු විසින් තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට මෙලෙස ලෝහමය පටියකින් පහරදෙමින් දඬුවම් ලබා දී ඇති බව සඳහන් වනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ ළමා ආරක්ෂක අධිකාරිය දඬුවමට ලක්වූ 7 හැවිරිදි සිසුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ දෙමාපියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මෙම සැකකාර ගුරුවරයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විටත් සැඟවී සිටින බව වාර්තා වනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, මෙම ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි. 

හඳුනා නොගත් මළසිරුරු දෙකක් බදුල්ලෙන් හමුවෙයි

හඳුනා නොගත් මළසිරුරු දෙකක් බදුල්ලෙන් හමුවෙයි

ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවාට වැඩ වැරදුනු හැටි

ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවාට වැඩ වැරදුනු හැටි

ReeCha