පිරිසක් හදිසියේම බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

Report

මහියංගනය ලංගම ඩිපෝ සේවකයින් පිරිසක් බස්රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව වාර්තා වෙනවා.

ඒ මහියංගනය සිට කන්දකැටිය, ගලඋඩ ප්‍රදේශය වෙත ධාවනය කළ ලංගම බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට රිදීමාලියද්ද, ආඳාඋල්පොත මංසන්ධියේ දී කිසියම් පිරිසක් පහර දීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔවුන් ඉල්ලා සිටියේ, අදාළ පහරදීම සිදු කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ය.

ඒ හේතුවෙන් මහියංගනය ලංගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය බස්රථ ධාවනයෙන් ඉවත් වී ඊයේ (16) විරෝධතාවයේ නිරත විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join