මෙරට බදු ගැන කලකට පසු සතුටුදායක ආරංචියක්..
මෙම වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බදු ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 216% ක වර්ධනයක් පෙන්නුම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියන තුන් ලක්ෂ 16,619ක් ලෙස වාර්තාවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඩී.ආර්.එස් හපුආරච්චි මහතා පවසනවා.
ඉන් ඉහළම ආදායමක්, ''එකතු කළ අගය මත බද්ද'' යටතේ අය කර ඇති අතර එම අගය රුපියල් මිලියන 113 578ක් බව සඳහන්.
රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම එම බදු ආදායම ඉහළ යාමට හේතුව බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර කාර්යක්ෂම හා ඵලදායි බදු පරිපාලන සේවාවක් බදු ගෙවන ප්‍රජාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඩී.ආර්.එස් හපුආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |