තමීම් ඉක්බාල් හෘදයාබාධයකින් රෝහල් ගතවෙයි!

By Shehan Mar 24, 2025 09:37 AM GMT
Report

ඩකා ප්‍රිමියර් ලීග් (DPL) තරගාවලියේ අද (24) පැවති තරගයක් අතරතුර බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල් දරුණු හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කර ඇත.

Bangladesh Krira Shikkha Protishthan (BKSP) හිදී පැවැති මෙම තරගාවලියේදී, මොහොමඩන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ෂයිනපුකුර් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දුන් 36 හැවිරිදි තමීම් ඉක්බාල් පිටියේ සිටියදී පපුවේ වේදනාවකින් පීඩා විඳි බව වාර්තා වේ. වහාම ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

හිටපු ඇමති ගම්මන්පිල නිදොස් කොට නිදහස්

හිටපු ඇමති ගම්මන්පිල නිදොස් කොට නිදහස්

බංග්ලාදේශ ක්‍රිකට් කමිටුවේ ප්‍රධාන වෛද්‍ය දෙබාෂිෂ් චෞද්රි මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් සඳහන් කළේ, "ඔහු පපුවේ වේදනාව ගැන පැමිණිලි කළ විගස ඔහුව ආසන්න රෝහලකට රැගෙන ගිය අතර, එහිදී ECG පරීක්ෂණයක් සිදු කරන ලදී" යනුවෙනි.

තමීම්ගේ හදවතේ කිරීටක ධමනියක ඇති වූ අවහිරතාවයක් විවෘත කිරීමට සහ රුධිර ප්‍රවාහය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා ඔහු දැනට සැත්කමකට භාජනය වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.  

හෙරොයින් සමඟ මිනී ඇටකටු - ඇඟ හිරිවැටෙන සත්‍ය කතා මෙන්න!

හෙරොයින් සමඟ මිනී ඇටකටු - ඇඟ හිරිවැටෙන සත්‍ය කතා මෙන්න!