මේ ලක්ෂණ ඔබටත් තියෙනවද? එහෙනම් මේක සෙල්ලමක් නෙමෙයි
pregnancy
iron
symptom
management anemia
By Sewvandhi
සාමන්‍යයෙන් නිතරම කම්මැලි හිතනවා නම් ,වැඩක් කරන්න ගියහම කරන්න හිතෙන්නේ නැත්නම් ,එකම වැඩක් අල්ලාගෙන දවසම ඉන්නවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි.ඒක යම් කිසි රෝගයක පෙරනිමිති වෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට මේක රක්තහීනතාවය වෙන්න ඉඩ තියෙනවා.අපේ ශරීරයේ තියෙන යකඩ ප්‍රමාණය අඩු වුණහම මේ රෝගය ඇති වෙනවා වගේම අර කළින් කියපු ලක්ෂණත් මතු වෙනවා.ඉතින් අපි බලමු රක්තහීනතාවය කියන්නේ මොකක්ද කියලා ?
රක්තහීනතාවය යනු
යකඩ ඌණතාවයත් සමඟ රතු රුධිර සෛල වල hemoglobin ප්‍රමණය අඩු වීම නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය, සිරුරේ පටක වෙත ගෙන යාමට නොහැකි වීමෙන් තමයි රක්තහීනතාවය ඇති වෙන්නේ.
රක්තහීනතාවයේ ලක්ෂණ
- හතිය සහ හිසරදය
- සිරුර දුර්වල වීම සහ සුදුමැලි වීම
- ක්ලාන්ත ගතිය
- පපුවේ වේදනාව
- හෘදස්පන්දන වේගය වැඩි වීම
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- අත් සහ පාද සීතල වීම
- ආහාර අරුචිය
- සම වියලි වීම
- මානසික අවපීඩනය සහ මතකයේ දුර්වල වීම
- නිතර කේන්ති යාම
- නියපොතු කැඩෙන සුළු වීම
රක්තහීනතාවය ඇති වෙන්නේ ඇයි
- යකඩ අඩංගු ආහාර නොගැනීම
- අධික රුධිර වහනය
- ඇට මිදුළු ආශ්‍රිත රෝග තත්වයන් නිසා යකඩ නිසි පරිදි අවශෝෂණය නොවීම
- පෝෂණ ඌණතා සහ
- තයිරොයිඩ් ආබාධ
රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ
- කුඩා දරුවන්ට
- වැඩෙන වයසේ යොවුන් දරුවන්ට
- ගර්භණි මව්වරුන්ට
- කිරි දෙන මව්වරුන්ට
රෝගය හඳුනා ගන්නේ කොහොමද ?
- FBC – Full Blood Count
- Blood Picture
- HPLC – High Performance Liquid Chromatography
- SFR – Stool Full Report
- Hemoglobin electrophoresis
- Bone marrow test
- Vitamin B12
- Clotting profile
- Serum iron and serum ferritin tests
රෝගය ඇතිවීම පාලනය කරන්නේ කොහොමද ?
යකඩ සහ ෆොලේට් ගැනීම නිසි කලට පණු බෙහෙත් ගැනීම පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම ෆොලේට් අඩංගු ආහාර ගැනීම. නිතරම ජලය පානය කිරීම යකඩ අඩංගු ආහාර ගැනීම
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |