වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකුගේ වැඩ තහනම් කෙරේ..
සිසුවකු ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනා එල්ල වූ රත්නපුර ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයකුගේ වැඩ තහනම් කරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනම් කර තිබෙන කාලයේ දී, ඔහුට වැටුප් නොගෙවන අතර, එම කාලයේ දී විනය බලධාරියාගේ විධිමත් අවසරයකින් තොරව රටින් බැහැරව යා නොහැකි බව ද අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරයාට දන්වා තිබේ.
එමෙන් ම වැඩ තහනම් කාල සීමාවේ දී විදුහල්පතිවරයාට පාසල් භූමියට ඇතුළු වීම ද සපුරා තහනම් කර ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභා අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය මත අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ.
අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේ අතුරු වාර්තාව සලකා බැලීමෙන් පසුව එම කමිටුව අදාළ අනුමැතිය ලබා දී ඇත.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී, අදාළ විදුහල්පතිවරයා මෙම චෝදනාවට ලක් විය.