ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් පිළිබද අද ගත් තීරණය..

Report

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත  නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) දින නියෝග කලේය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කෙරේ...

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කෙරේ...

මෙම සැකකරුවන් අට දෙනාගේ විදේශ ගමන් තහනම් කරමින් එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරු දිනකම අතුරුගිරිය පොලිසියේ පෙනී සිට අත්සන් කල යුතු බවටද දැඩි ඇප කොන්දේසි පැනවීමට මහාධිකරණ විනිසුරු නියෝග කලේය.

ජනතාවගේ බදු වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මෙහෙම අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.. නලින්දගෙන් රනිල්ට පිළිතුරු..

ජනතාවගේ බදු වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මෙහෙම අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.. නලින්දගෙන් රනිල්ට පිළිතුරු..

පසුගිය ජූලි මස 08 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක සිදු කළ වෙඩි තැබීමක දී මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂණ භාරයට පත්කර තිබුණි.

You may like this video