රුපියල් මිලියන 37 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකාරියක් නීතියේ රැහැනට ..(PHOTOS)

Sri Lanka Police Sri Lanka Sri Lanka Navy Drugs
By Piyumika Sep 18, 2024 10:29 AM GMT
Piyumika

Piyumika

Report

 ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව පසුගිය දිනක  චාවකච්චේරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ අනූ හතරයි (94) ග්‍රෑම් පන්සිය විස්සක (520) තොගයක් සමඟ සැකකාරියක් (01) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

බදු අඩුවෙන් වාහන ගෙන්වා සාධාරණ මිලකට මිලදී ගන්න අවස්ථාවක්. - (VIDEO)

ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය; නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව පසුගිය  15 වන දින චාවකච්චාරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂවට ලක් කර තිබේ.

මෙහෙම කතාවක් නම් කිසිම බිරිදකට කවදාවත්ම අහන්න ලැබෙන්න එපා...

එහිදී එම නිවසේ සඟවා තිබූ උර හතරක් (04) තුල පාර්සල් පනස් දෙකක (52) අසුරන ලද කේරළ ගංජා කිලෝ අනු හතරයි (94) ග්‍රෑම් පන්සිය විස්සක (520) පමණ තොගයක් සහ එම තොගය ප්‍රවාහනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන කැබ් රථයක් (01) සමඟ සැකකාරියක් (01) මෙලෙස හසු වි තිබේ.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන තිස් හතකට (37) අධික වෙතැයි විශ්වාස කෙරේ.

මග බලන් හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්..

මග බලන් හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්..

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වන පලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගත් අතර, එම සැකකාරිය (01) කේරළ ගංජා තොගය සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

රුපියල් මිලියන 37 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකාරියක් නීතියේ රැහැනට ..(PHOTOS) | Suspect Arrested With Kerala Ganja Stock