මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

Ministry of Education Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education
By Wayomi Sep 18, 2024 06:05 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ඔස්සේ සාකච්ඡා කර ඇති බවට වට්ස්ඇප් හා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඇතැම් තොරතුරු මඟින් මහත් ආන්දෝලනයට තුඩුදී ඇති බැවින් එම ප්‍රශ්න, විභාගයට පෙර සැබෑ ලෙසම අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර තිබෙනවා නම් එම පිළිතුරු ඇගැයීමේදී එම ප්‍රශ්න නොසලා හැරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


“අපිට මුලින්ම තොරතුරු ආවේ ප්‍රශ්න 16ක් අනුමාන ප්‍රශ්න ලෙස විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවයි. මේ ගැන අපි යම් මූලික සොයා බැලීමක් කළා. එහිදී පැහැදිලි වුණේ එම ප්‍රශ්න 16න් 03ක් විභාගයට ලබාදුන් ප්‍රශ්න 03ක් හා සැසඳෙන බවයි. එය සියයට 100ක්ම සමානයි කියල මම කියන්නේ නැහැ. මේ ගැන මම ප්‍රශ්න පත්‍ර සකස් කළ පාලක මණ්ඩලය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. විමර්ශන කණ්ඩායමක් ද පත්කළා. එම විමර්ශන කණ්ඩායම මේ වන විට මෙම ප්‍රශ්න සාකච්ඡා කළායැයි කියැවෙන ප්‍රදේශවලට ගිහින් පුළුල් විමර්ශනයක් පවත්වනවා. එම විමර්ශනයේදී පැහැදිලිවම අනාවරණය වන්නේ නම් එම ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍රය දරුවන් අතට ලැබීමට පෙර අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර තිබෙනවා කියල අපි එම ප්‍රශ්න අතහැර ඇගැයීම් කටයුතුවලදී ලකුණු ලබාදීමට පියවර ගන්නවා."

දිවයිනේ සියලු පාසල් වැසීමට පෙර අද සිට වැසෙන පාසල් මෙන්න.

දිවයිනේ සියලු පාසල් වැසීමට පෙර අද සිට වැසෙන පාසල් මෙන්න.


එමෙන්ම මෙහිදී ප්‍රශ්න 40න් ලකුණු ලබාදීමක් සිදුවන්නේ ප්‍රශ්න 37කට බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය. මේ තුළින් කිසිදු දරුවකුට අසාධාරණයක් සිදු නොවන බවත් ප්‍රශ්න 37ට ලැබෙන ලකුණු සියයට ගළපා ලකුණු ලබාදීමක් සිදුවන බැවින් අදාළ ප්‍රශ්න 03ට කිසිදු ලකුණක් නොලැබෙන බව ද අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා.

මේ අතර මෙතෙක් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර නැති බවත් විභාග දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සිදුවන විමර්ශනයේදී යම් විභාග වංචාවක් සිදුව ඇති බව තහවුරු වීමක් සිදුවුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.