බිහිසුණු ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට
හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙම අපරාධය 2025.04.29 වන දින අලුයම් කාලයේදී සිදුකර ඇති අතර අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (30) දින හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේදී බව වාර්තා වේ.
අඳාළ අපරාධය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශන දියත් කර තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් මෙම අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන හිරණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර වාර්තා වූ ආකාරයට අඳාළ සැකකරු වයස අවුරුදු 40ක් වන මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හිරණ පොලිසිය මඟින් සිදුකරයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        