මමත් එනවා World Cup එක බලන්න අපේ කොල්ලන්ට චියර් එක දෙන්න ලෝක ශූරියක්ගෙන් ප්‍රකාශයක්

Report

සුසන්තිකා ජයසිංහ කියන්නේ ලංකාවෙන් බිහි වූ ලෝක ශූරියක් . ඉතිං ඇයත් මේ දිනවල පැවැත්වෙන 20 විස්ස ලෝක කුසලානය ගැන ඉතාමත් උද්යෝගයෙන් සදහන් කළේ මෙවන් අදහසක්

''ලෝක කුසලාන තරගාවලියේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ආශිර්වාදයක් වෙන්න ශක්තියක් වෙන්න අපි ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් හැටියට ඔන්න අවස්ථාව උදා වෙලා ,ලෝකයක් දිනපු ක්‍රීඩිකාවක් විදිහට මම හැමෝටම ආරාධනා කරනවා එන්න අපි හැමෝම එකතු වෙලා අපේ කොල්ලන්ට ආශිර්වාද කරන්න .මේ අපේ පුංචි රටට ලැබිච්ච ලොකු අවස්ථාවක් .සමහරක් මේ ගැන අනවබෝධයකින් ඉන්න පුළුවන්. ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්‍ය මණ්ඩලයට ස්තුතියි. මේ වගේ ලෝකයේ දැවැන්ත තරගයක් අපේ රටට ගෙනාපු එකට. ඕස්ට්‍රේලියා ශ්‍ර්‍රි ලංකා තරගය බලන්න ඔබත් එන්න , මමත් එනවා . අපේ කොල්ලන්ට චියර් එක දෙන්න .අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට  ලෝක කුසලාන දිනන්න ශක්තිය ලැබේවා. අභියෝග තියන්න පුළුවන් විවේචන තියෙන්න පුළුවන් . ඒව අමතක කරලා ඒව ශක්තියක් කරගන දිනන්න .''

ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද

ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද