මට ආයේ ඒ අපායට යන්න බෑ.. CID ලොක්කට තමන් සමග පෞද්ගලික වෛරයක් ඇති බව කියමින් සලේ උපවාසය අත්හරින්න බෑ කියයි

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු, තමන් යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත පැමිණීමට අකමැති බවත් මරණය ඊට වඩා සුදුසු බවත් පවසා ඇති බව සඳහන්.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහුව බැලීමට ඔහුගේ පෞද්ගලික නිතීඥවරයා ගිය අවස්ථාවේදීයි.

මෙහිදි නීතීඥවරයා විසින් මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් සිදුකරන විමර්ශන කටයුතු පිළිබඳව මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය, අස්ගිරි පාර්ශ්වයේ නාහිමි විසින් ජනාධිපතිවරයාට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ද සුරේෂ් සලේ මහතා දැනුම්වත් කර ඇත.

ශානිවයි රවීවයි මේ තනතුරුවලට දාන්න කාදිනල් හිමි කවදාවත් කිව්වේ නෑ.. අත්අඩංගුවට ගන්න එපා.. කතෝලික සභාවෙන් ඉල්ලීමක්

ශානිවයි රවීවයි මේ තනතුරුවලට දාන්න කාදිනල් හිමි කවදාවත් කිව්වේ නෑ.. අත්අඩංගුවට ගන්න එපා.. කතෝලික සභාවෙන් ඉල්ලීමක්

එබැවින් දැනට සිදුකරන උපවාසය නතර කරන මෙන් නීතිඥවරයා ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.ෙහෙත් තමන් නැවත අදාළ රැඳවුම් කුටියට පැමිණීමට අකමැති බවත් එම ස්ථානය නිරයක් බවත් ප්‍රකාශ කර ඇති සුරේෂ් සලේ මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තමන් සමග පෞද්ගලික වෛරයක් පවතින බවත් පැවසූ බව වාර්තා වේ.

ප්‍රකාශ කර තිබේ. එබැවින් සිය උපවාසය අත්නොහරින බවට සුරේෂ් සලේ මහතා නීතීඥවරයාට දැනුම් දී තිබෙන බව පවසයි. මේ අතරතුර ඉකුත් දා සුරේෂ් සලේ මහතා ප්‍රසිද්ධියේ පරීක්ෂාවට ලක්කළ බව කියන දිනයේ වීඩියෝ දර්ශන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

සලේට පෝෂණය සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ හැබැයි හිතුවක්කාරකමක් නම් තියෙනවා - නලින්ද ජයතිස්ස

සලේට පෝෂණය සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ හැබැයි හිතුවක්කාරකමක් නම් තියෙනවා - නලින්ද ජයතිස්ස

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මාසයකට පෙර වීඩියෝ දර්ශන පමණක් දත්ත ගබඩාවේ පවතින බැවින් මාර්තු 8 වන දින සිදුකළ පරීක්ෂාවේ දර්ශන නොමැති බවයි.

එබැවින් අදාළ දර්ශන ලබාගැනීම සඳහා වෙනත් පාර්ශ්වයකින් පරිගණක සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත.

ඊට අමතරව සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තවත් වාර්තා කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති අතර එම වාර්තා එළඹෙන 26 වන දිනට පෙර ලබාදෙන මෙන් දැනුම් දී ඇති බව සඳහන්.

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්