ශානිවයි රවීවයි මේ තනතුරුවලට දාන්න කාදිනල් හිමි කවදාවත් කිව්වේ නෑ.. අත්අඩංගුවට ගන්න එපා.. කතෝලික සභාවෙන් ඉල්ලීමක් [VIDEO]

Report

කතෝලික සභාව මඟින් රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරු සඳහා පත්කිරීමට කාදිනල් හිමිපාණන් කිසිදු ඉල්ලීමක් කර නොතිබූ බව සඳහන් කර ඇත.

ඒ අද (17) දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා මේ සම්බන්ධයෙන් කරුණු කියා සිටියා,

"ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මේ තනතුරුවලට පත් කරන්න කියලා කාදිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ."

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

"ඊබ්‍රහීම් ට ඇප දුන්නේ අධිකරණය. ඇප දුන්නා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔහුව නිදොස් කොට නිදහස් කළා කියලා. ඒ නඩුව තාම යනවා. ඒ වගේම ඔය කියන දේපොළ ඊබ්‍රහීම් නානාගේ දේපොළ නෙමෙයි. මේ දේපොළ ඊබ්‍රහීම් නානාගේ සහෝදරයෙකුගේ දේපොළ. ඒ නිසා ඒක අධිකරණයෙන් තමයි ඉල්ලීම කළේ ඒ දේපොළ නිදහස් කරන්න කියලා. එතකොට අධිකරණය තමයි නිදහස් කළේ."
"අත්අඩංගුවට ගන්න එපා කියලා ගෝඨාභය මහත්තයා අධිකරණයට පෙත්සමක් භාරදීපු එක ඔහුගේ අයිතියක්. තීන්දුව ලැබෙනකම් අපිට බලන් ඉන්න වෙනවා."

ආණ්ඩුවේ ලාංඡනය ගහලා ඔන්ලයින් කැසිනෝ දානවා බෝලෙන් බෝලෙට.. වර්ල්ඩ් කප් එකේ ඇඩ් එකෙන් හර්ෂට මළ පනී

ආණ්ඩුවේ ලාංඡනය ගහලා ඔන්ලයින් කැසිනෝ දානවා බෝලෙන් බෝලෙට.. වර්ල්ඩ් කප් එකේ ඇඩ් එකෙන් හර්ෂට මළ පනී

"අසත්‍ය ප්‍රචාර සහ විවිධ මඩගැසීම්..මේ සියල්ලේම අරමුණ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගනිමින් සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට බාධා කරමින් ඒවා කඩාකප්පල් කිරීමේ දුෂ්ට අරමුණින් බව හොඳින්ම පේන්න තියෙන කාරණයක්." "එම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන කිසිම පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශයන්ට නොරැවටෙන ලෙස අපි මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,