මාස 6න් පාතාලය මඬින නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගේ අලුත්ම විදිහ.

Sri Lanka Police Sri Lanka
By Wayomi Oct 30, 2023 04:39 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට සිදු වන අපරාධ ක්‍රියාකාරකම් ඉදිරි මාස 06 තුළ සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරට සිදුවන අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති අතර ඊට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් මේ වන විට පොලිස් භාරයේ පසුවන බවයි.

"දකුණු පළාතේ සිදුවිම් ගණනාවක් පසුගිය දවස්වල සිද්ධ වුණා. මේවා ඔක්කොම මෙහෙය වන්නේ විදේශගත වෙලා ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙලේ අපරාධකරුවන්. අපි සතුටින් මතක් කරන්න එවැනි මහා පරිමාණ අපරාධකරුවන් තුන්දෙනෙක් විතර මේ වෙද්දි පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. ඒ අයව ඒ රටවල්වලින් කොටු කරලා මෙහෙට ගෙනාවේ. ඒ නිසා ඉතා ක්‍රමනුකූල වැඩපිළිවක් තුළ අපි මාස හයක් වගේ කාලය තුළ මේ සන්නද්ද කණ්ඩයම් ක්‍රියත්මක වන ඒවා පාලනය කරලා, සම්පුර්ණයෙන්ම පාතාල ක්‍රිියාකරකම් නැති කරන්න අවශ්‍ය කරන සැලසුම් හදලා ක්‍රියාත්මක කරගෙන යනවා. ඔබේ ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලන, ව්‍යාපාරිකයින්ට තර්ජනය කරලා මුදල් ලබාගන්න පුද්ගලයින් ඉන්නවා. කරුණාකරලා ඔබේ අපට පරිසරය තුළ ඉන්න එවැනි අය ගැන දන්නවා නම් සම්පත් දායකයෙක් ලෙස පොලීසියට ඔබේ සහයෝගය ලබාදෙන්න."

ReeCha