"මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බ අය මාධ්‍ය නිදහස ගැන කතා කරනවා" - නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම්
පසුගිය කාලයේ මාධ්‍ය මර්දනය කරමින් මාධ්‍ය ආයතනවලට ගිනි තැබු අය මාධ්‍ය නිදහස ගැන අද කතා කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සදහන් කර තිබේ .
පහුගිය කාලෙ මාධ්‍යට ගිනි තැබූ අයම මාධ්‍ය මර්ධනය ගැන කතා කරන බවත් ඒ අයට මාධ්‍ය සම්බන්ධව කතා කරන්න කිසිම අයිතියක් නැති බවත් එතුමා තව දුරටත් සදහන් කරන ලදි.
ඒ වගේම එතුමා සදහන් කළේ මාධ්‍ය නිදහසට ආන්ඩුව ගරු කරන බවත් මාධ්‍ය හා මාධ්‍යවේදීන් සමග ඉතාම සුහදව වැඩ කරන බවයි.
තවද කිසිම දිනක මාධ්‍ය මර්ධනය නොකරන බව එතුමා සදහන් කරන ලදි.
තවද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ඇත්ත සිද්ධිය සොයා බලා වාර්තා කරන ලෙසත් කිසි ලෙසකින්වත් බොරුව මිනිසුන් අතරට ගෙනයාමට කටයුතු නොකරන ලෙසයි .