ඩග්ලස්ට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන ඇරඹේ
යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත් ගිනි අවි සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව මේ වන විට හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත ලබා දී ඇති තවත් ගිනි අවි 19ක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. තවද හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එතුමාගේ පෞද්ගලික පරිහරණය සඳහා ඒ 2001 වසරේදී යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව විමර්ශනවලට අදාළවයි.
තවද මදුෂ් නැමැත්තා සතුව තිබී සොයාගත් එම ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී එය දේවානන්දා මහතා වෙන නිකත් කර තිබූ ගිනිඅවියක් බවට තොරතුරු හෙළිව තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී ගිනිඅවිය අස්ථානගතවූ අකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම මත ඒ මහතා එදින එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වගේම අත්අඩංගුවට ගත් ඒ මහතා පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන ලදි. තවද අද (28) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ .