හදිසියේ මුහුද ගොඩගැලීමක්..කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් මුහුදු ජලයෙන් යටවෙයි..

By Aruna Oct 16, 2024 05:15 AM GMT
Report

අද(16) උදෑසන කළුතර උතුර ප්‍රදේශයේ මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය සදහන් කර සිටිනවා.

අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්.. විශේෂ දැනුම්දීමක්.

අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්.. විශේෂ දැනුම්දීමක්.


කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයටක ආසන්න දුරක නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්, සංචාරක නිවාඩු නිකේතන රැසක්ද , කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක පරිශ්‍රය සහ අතුරු මාර්ග රැසක්ද මුහුදු ජලයෙන් යටවී තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුදු රළ සමග වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍රදේශවලින් ගොඩබිමට ගලා එම නිසා මෙම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවි තිබූ බව ද වාර්තා වනවා.

ඊයේ (15) රාත්‍රියේ සිට මුහුදු රළ එම ප්‍රදේශ වලින් ගොඩබිමට ගලාවිත් තිබුණු අතර රළ සමග වැලිතට්ටු හා නොයෙකුත් අපද්‍රව්‍ය ගල් කැබලි මාර්ගයට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය නිසා මාර්ගයේ ගමන කරණ රථවාහන වලට ද බදා එල්ල විය.

මාලිමා අපේක්ෂකයො පාර්ලිමේන්තු එන අලුත්ම ක්‍රමය මෙන්න..මෙවර පාර්ලිමේන්තු එන සංඛ්‍යාවක් ටක්කෙටම කියයි..

මාලිමා අපේක්ෂකයො පාර්ලිමේන්තු එන අලුත්ම ක්‍රමය මෙන්න..මෙවර පාර්ලිමේන්තු එන සංඛ්‍යාවක් ටක්කෙටම කියයි..


මුහුදු රළ ගොඩබිමට ගලාඑමෙ හේතුවෙන් දෙවට වැල්ල හා කඩේවැල්ල ගාල්ල ජාකොටුවැල්ලල ධීවර තොටුපළවල්වල නතරකොට තිබු බෝට්ටු වලටද හානි වි ඇති බවයි ධිවරයින් ප්‍රකාශ කළේ.