එන්නත විද ගන්න ළමා රෝහලට ගිය පාසල් සිසුවිය පෙම්වතා එක්ක අතුරුදන්

Sri lanka covid 19 Corona virua
By Sithumi Oct 19, 2021 06:03 PM GMT
Sithumi

Sithumi

Report

බොරැල්ල රිච්වේ ආර්යා ළමා රෝහලට මව සහ නැගණිය සමගින් එන්නත්කරණයක් කරගැනීම සඳහා පැමිණි 18 හැවිරිදි පාසල් සිසුවියක් පෙම්වතා සමගින් පැන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය සඳහන් කරයි. 

        කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඊයේ පෙරවරුවේ තමන් සමගින් රෝහලට පැමිණි බවත් එම අවස්ථාවේදී වැසිකිළියට යන බව කියමින් ගිය දැරිය තනිව ගිය බවත් පසුව ඇය ගැන කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බවත් කියමින් ඇයගේ මව විසින් 18 වැනිදා දහවල් බොරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් කර තිබුණි. 

 බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රෝහලට ගොස් කළ සොයාබැලීමේදී දැන ගැනීමට ලැබුණේ මෙම දැරිය කිසිවෙකු හා දුරකතනයෙන් කතා කරමින් ඉක්මනට එනවා ඉක්මනට එනවා ටිකක් ඉන්න යැයි කියමින් දිව යන ආකාරය රෝහලේ ආරක්ෂක නිලධාරියෙකු දැක ඇති බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha