දැඩි සුළං තත්ත්වයක් - නිවාස තිහකට වැඩි ප්‍රමාණයක් විනාශයි
මිනුවන්ගොඩ – හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ හටගත් දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විහාරස්ථානයක්, පාසලක් සහ නිවාස තිහකට අධික සංඛ්‍යාවකට හානි සිදු වී ඇති බවට වාර්තා වේ.
ඒ අනුව විශේෂයෙන්ම නිවාස තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. එමෙන්ම ගස් කඩා වැටීමෙන්ද විශාල හානි ඇති වී ඇති බව සඳහන් වේ.
රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන් - සුද්ද සිංහලෙන් කිව්ව චාමර
මෙම හානියට පත් නිවාස නිරීක්ෂණය කිරීම සඳහා, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා, වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක් වී ඇත.
රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන් - සුද්ද සිංහලෙන් කිව්ව චාමර