දිස්ත්‍රික්ක පහකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Report

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු නිසා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පූර්ව සැලසුම් කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අපි ලොකු ලූනු මනින්නේ ඇස්වලින් - වට ප්‍රමාණයේ මනින්නේ නැහැ - සතොස පැහැදිලි කරයි

අපි ලොකු ලූනු මනින්නේ ඇස්වලින් - වට ප්‍රමාණයේ මනින්නේ නැහැ - සතොස පැහැදිලි කරයි