සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

health department PHI strike Upul rohana Dental
By Sewvandhi Jul 05, 2021 02:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් එක්ව අද පෙරවරු 07 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දින 02 ක් පුරා පැවති වෘත්තීය ක්‍රියාමාර්ගයකින් පසුව ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළා.

හෙද සේවාවට පමණක් වරප්‍රසාද දීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි එම වෘත්තීය සමිති නියෝජිතයන් පැවසුවේ.

ඒ අනුව අද සිට ආරම්භ කෙරෙන අඛණ්ඩ වැඩ වර්ජනය සඳහා අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 09ක්, රෝහල් සේවාවට අයත් ECG, EEG වැනි වෘත්තිකයන්, අක්ෂි තාක්ෂනවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පින්, දන්ත කාර්මිකයින් මෙන්ම කේෂ්ත්‍ර කාර්ය මණ්ඩලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සියළුම වෘත්තීය සංගම්, කීට විද්‍යා නිලධාරීන්, දන්ත චිකිත්සක සංගමය වැනි සංගම් එක වනවා.

මේ හේතුවෙන් ක්ෂේත්‍ර රාජකාරි වලට අයත් කොවිඩ් 19 රාජකාරි බිඳවැටීමට නියමිත බවයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයද එක්වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now