පාසල් වෑන් සහ බස් රථ සඳහා නීති දැඩි වෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lankan Schools
By Hashini Oct 26, 2023 07:44 AM GMT
Hashini

Hashini

Report

පොලීසිය විසින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ගනු ලබන අබලන් තත්ත්වයේ බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පවසනවා.

රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ බව කියා සිටියේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,

“අපි සමීක්ෂණයක් වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ සොයා බලද්දී මෙතුමාලත් එකක් අපි වාහන පරීක්ෂා කළා. අපි බැලුවොත් එහෙම මගී ප්‍රවාහන බස් රථයක්, මගී ප්‍රවාහනයෙන් ඉවත් කරාට පස්සේ ගන්නවා ඒක පාසල් සේවය කියලා. වෑන් රථයක් ගත්තත් එච්චරයි. බොහෝම දුර්වල නඩත්තුවක් තියෙන්නේ, එක සම්බන්ධයෙනුත් දැඩි පියවර ගන්න ඕනේ. අපි මෝටර්රථ පරීක්ෂකතුමන්ලත් එක්ක අපි තිබ්බා සමීක්ෂණයක්. ඒ තියලා අපි ඒ සම්බන්ධව තහනම් නියෝග කොටසකට ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් ලොකුම දෙයක් තමයි මේ කරන්නේ. මොකද හේතුව මේ වටිනා ජීවිත තමයි නැතිවෙන්නේ. එක්කෝ ආබාධිත තත්ත්වයට පත් වෙන්නේ.”යනුවෙනි.

ReeCha