යුද්ධ කාලේ නැතිවම බැරිවුණු Bell 212 ගැන ඇහෙන සංවේදී කතාව
Bell 212 කියන්නෙ ත්‍රිවිධ හමුදාවෙම හදවතේ ඉහලම තැනක තිබුණු ගුවන් යානාවක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. යුද්දෙ කාලෙ Bell 212 එකක් කියන්නෙ තුවාල වුනු අය රෑ එළි වෙනකම් එහෙ මෙහෙ ගෙනියපු, මැරුනු සොල්දාදුවො තමන්ගෙ ගෙවල් වල අයට බලන්න ගෙනල්ල දීපු, වතුර ටික, ඇමෝ ටික, ඇදුම් ටික, පඩි පතේ ඉඳල සේරම දරදිය ඇදපු පුදුමාකාර ගුවන් යානයක්. ඒ තරම් කැප කිරීමක් කරපු ගුවන් යානාවක්.
මේ ගුවන් යානයේ floor board එක අපේ වීරෝධාර රණවිරුවන්ගෙ ලේ වලින් පෙඟිච්ච වාර ගාන සහ ඒ ලේ හෝදපු වාර ගාන අනන්තයි අප්‍රමාණයි. මේ ගුවන් යානාව නිසා බේරුනු ජීවිත ගානත් හිතාගන්නවත් බැරි ගානක් මේ machine එක ගැන සම්පූර්ණ විශ්වාසය තියල මේක fly කරපු ගුවන් නියමුවන්, මේක අතපත ගාල රෑ එලි වෙනකල් දරුවෙක් වගේ මේක හදපු ඉන්ජිනේරු කාර්‍ය මන්ඩලයට මේ වතුරෙන් උඩට ගන්න 566 දකිද්දි දැනුනෙ මොකද්ද කියල සාමාන්‍ය කෙනෙක්ට හිතාගන්නවත් බැරි අමාරු හැඟීමක් වෙන්න ඇති.
යුද්දෙ අමාරුම තැන්වලදි Bell 212 එක ඈතින් එන සද්දෙ ඇහුනම,එන ගැම්ම ගැන මොරාල් එක ගැන Army අය Navy අය ඕනතරම් සාක්ශි දරාවි ඒ ගැන කිසිම විවාදයක් නැහැ. වෙඩි කාපු රණවිරුවො ඒ ගැන කතා කරද්දි ඒ තරමටම වෙඩි කාපු 566 තුවාල මකාගෙන නිහඬව ආපහු රාජ්කාරියට ගියා 566 ඉස්සරහ pose කරල ගැම්මට ගහපු පින්තූර හමුදා තුනේම අය ළඟ ඇති ඕන තරම්.
212 යනකොට ගෙවල් වලින් එලියට ඇවිල්ල උඩ බලපු, අත වනපු අය 566 ටත් අත වනන්න ඇති යුද්දෙන් පස්සෙ උනත් විශ්‍රාම නොගෙන රටේ මොන ආපදාව උනත්,කරදරේ වුණත් මුලින්ම එතනට යන, ගංවතුරක් අනතුරක් උනාම ජීවිත බේරගන්න එන, ගින්නක් ආවම Bambi bucket එකක් එල්ලගෙන ඒක නිවන්න එන, නිදහස් දවසට ජාතික කොඩිය ගෞරවයෙන් අරගෙන යන Bell 212 එක Air show වල heli dancing දානකොට හැමෝම බලන් ඉන්නෙ ඇහිපිය නොගහහා.
ගුවන්, යුධ, නාවික හමුදා තුනේම passing out වල සංදර්ශණ වලට Bell 212 කියන්නෙ ආභරණයක්.. එච්චර හැමෝගෙම ආදරය දිනාගත්තු Bell 211, අද කෑලි කෑලි වලට වෙන්වෙලා ජීවිත හයකුත් අහිමි වෙලා.හැබැයි එදා ඉඳන් අද දක්වා Bell 211 ඒ කරපු කැප කිරීම් සියලු දේටම අපි ණයගැති. සුබ ගමන් SUH 566
