තාමත් විසඳුමක් නෑ, එහෙනම් ඉස්සරහට තවත් දරුණු වෙයි, ලංවීමෙන් අනතුරු අඟවයි

Report

තම ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් ප්‍රකාශ කරයි.

ඒ අනුව අත්තනෝමතික ආකාරයට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් ඉකුත් 04 වන දින සිට විදුලි වෘත්තීය සමිති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

මුලින්ම කිව්වනේ අදයි හෙටයි දෙකේම අපි ලෙඩින්, එක සැරේ ලෙඩ වුණ ලංවීම

මුලින්ම කිව්වනේ අදයි හෙටයි දෙකේම අපි ලෙඩින්, එක සැරේ ලෙඩ වුණ ලංවීම

එසේම එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් වශයෙන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රිමායාර්ගය ඊයේ (17) දිනයෙන් ආරම්භ කර තිබූ බව වාර්තා වුණා.

මේ අතර විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කෙරෙන බවයි.

කෙසේ වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා විසින් වැඩිදුරටත් පවසා සිටියේ තම ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් තවදුරටත් නොසලකා හරින්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බවයි.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ඉන්දියාව අතට අත දුන්නැති තරහට පාකිස්තානය අද තරගයට එන්නැල්ලු

ඉන්දියාව අතට අත දුන්නැති තරහට පාකිස්තානය අද තරගයට එන්නැල්ලු