ලොරියකට STF වෙඩි…
යාපනය වඩමාරච්චි නැගෙනහිර කුඩාත්තනෙයි ප්‍රදේශයේදී අනනොතකා පලා ගිය වැලි පැටවූ කැන්ටර් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
කුඩාත්තනෙයි ප්‍රදේශයේදී නීතිවිරොධී වැලි ජාවාරම් සිදුකෙරෙන බවට ලුබුනු තොරුතුරකට අනුව එම ප්‍රදේශයේදී සෝදිසි වැටලීමක් දියත් කිරීමට ඊයේ (22) සවස යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.
එහිදී වැලි පටවාගෙන පැමිණි කැන්ටර රථයක් නැවත්වීමට ගත් උත්සහයේදී එය නොනවත්වා පලායාමට උත්සහ ගැනීමේදී අණනොතකා ධාවනය කල කැන්ටර් රථයට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
වෙඩි ප්‍රහාරය කැන්ටර් රථයේ රෝදවලට පමණක් වැදීමෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල්ගසක වැදී නැවතී ඇති අතර කැන්ටර් රථයේ පසුපස පැමිණි සැකකරුවන් තිදෙනෙකු පලාගොස් ඇති අතර එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගත් රියදුරු හා කැන්ටර් රථය පේදුරුතුඩු පොලීසියට භාරදීමට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පේදුරුතුඩුව පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |