එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ටීවන් ෆ්ලෙමින් පත්වෙයි

Report

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කර තිබේ.

53 හැවිරිදි ෆ්ලෙමින් වසර 17ක කාලයක් අඛණ්ඩව ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ජාතික කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ධුරයක් භාරගත් පළමු අවස්ථාව මෙය වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වූ අතර, පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්විය.

වාර්තාවලට අනුව, එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ස්ටීවන් ෆ්ලෙමින් සිය නව තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.